උකුස්සා හමගැසූ ගාල්ලේ නරුමයින් අල්ලාගත් අවස්ථාවේ සද්ද දැමූ හැටි - වීඩියෝ

උසාවියට අරන් යද්දි පරුෂ වචනයෙන් හැමෝටම බැනලා

පසුගිය දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ උකුස්සා ඝාතනය කරපු සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනකු ඊයේ (09) හබරාදූව පොලීසිය විසින් හබරාදූව බබගල පාලම අසලදී අත්අඩංගුවට ගනු ලැබූ බවට අපි ඔබට මීට පෙර තොරතුරු ගෙන ආවා.

ඔවුන් අද දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
 
තවද සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පරුෂ වචනයෙන් බැන වැද තර්ඡනය කර තිබෙනවා. සැකකරුවන් අකුරැස්ස පාර නුගදූව සහ ගෙදරවත්ත යන ප්‍ර‍දේශවල පදිංචි 40 වන වයස්වල දෙද‍ෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝව පහතින්....

(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment