මහ දහවල් ලක්ෂ 15ක් කොල්ලකයි

ජා-ඇල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක මුදල් අයකැමියෙකු විසින් ගෙවීම් කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 15ක මුදලක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකා පළාගොස් තිබේ.

අදාළ මුදල් අයකැමියා විසින් එම මුදල ගෙවිම් කටයුත්තකට පිටතට රැගෙනයාමට වාහනය වෙත රැගෙන යමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු තියුණූ ආයුධයකින් පහරදී මුදල් බෑගය කොල්ලකා පළාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජා-ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment