"මැදමුලනට" වතුර නැහැ


හම්බන්තොට - වීරකැටිය, මැදමුලන සහ අත්තනයාල ප්‍රදේශවල සති දෙකකට ආසන්න කාලයක සිට පානීය ජලය නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා.

අත්තනයාල ප්‍රජා ජල සමිතියේ නිලධාරීන් පවසන්නේ කොන්දගල, මුරුතවෙල, දිවුලම්පිටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශවලටද පානීය ජලය දින ගණනාවක සිට නොලැබෙන බවයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 700 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට ලක්ව ඇති අතර, අත්තනයාල ප්‍රජා ජල ව්‍යාපෘතියට ජලය සැපයෙන්නේ වීරකැටිය ජල සම්පාදන ඒකකයෙනුයි.

පසුගිය දිනවල සිදුවු හදිසි විදුලි බිඳ වැටීම් මෙම තත්ත්වයට බලපා ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වුණා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment