උපේක්ෂා ස්වර්ණමාලි ගැන අනාවැකියක්





ජීවිතයේ බොහෝ දේ ෙදෙවයට පවරා නිහඬව සිටින්නන් මෙන්ම, තමා අභිමුවට එන අභියෝගවලට මුහුණ දෙමින් ෙදෙවය යැයි සිතා සිටි දේ පවා වෙනස් කරන්නට සමත් පුද්ගලයෝ ද අප අතර සිටිති.

බලා‍පොරොත්තු රහිත දුක් කරදර ජීවිතයට ළඟා වුවද ඒවාට මුහුණ දීම යනු එක් පසෙකින් ජීවත් වීමයි.

සාමාන්‍යයෙන් මිනිසාට තරම් බලා‍පොරොත්තු අන් සත්ත්වයකුට නැත. ඒ නිසාම බොහෝ අභියෝග කරදර බාධකවලට වැඩි දුරට මුහුණ දෙන්නට මිනිසාට සිදු වෙයි. බුදු හිමියෝ ගත්තද, උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් දම් පුරායි. ඒ අයුරින් ගනිද්දී පුද්ගලයාගේ ජීවිතයට අභියෝග පැමිණීම නිතැතින් සිදුවන දෙයකි.

මෙවර දේහ ලක්ෂණ විද්‍යාවෙන් ඔබ හමුවට එන මෙම චරිතයද, කොතරම් කරදර බාධකවලට මුහුණ දුන්නත් සිනාමුසුව ජීවිතය ජයගන්නට සිතන තැනැත්තියකගේය.
එක පැත්තකින් කරදර බාධක නැති ජීවිතය නීරසය. එය හරියට ලුණු නැති හොද්ද මෙනි. එමෙන්ම කරදර බාධක මිනිස් දිවියට එනවා නම්, ඒ අනත්ත බාධක හමුවේ සතුට ද ළඟාවේ. එය අසීරුවෙන් කඳු මුදුනක් තරණය කළ පසු ලැබෙන ආකාරයේ එකකි.

සිනාසෙමින් ජීවිතය පිළිගන්නට තිබුණත්, මෙම ඡායාරූපය තුළින් නිරීක්ෂණය කරගත හැකි දේට අනුව නම් ඇය වෙත කරදර බාධක හිසට උඩින් පැමිණ ඇත. එම කරදර බාධක වැඩිපුර ලබන තරමට ඊළඟට සැප සම්පත් පැමිණීම ද ළඟ බව දේහ ලක්ෂණ විද්‍යාව අනුව කිව හැකිය.

මේ අනුව උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට කොතරම් බාධක පැමිණියත්, එක්තරා මට්ටමකට ළඟාවීමට තමාට හැකියැයි සිතන සමෘද්ධිමත් අධිෂ්ඨාන ශක්තියක් ඇය සතුය. මෙම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ඇය කම්මුලට අතක් තබාගෙන සිටින්නේ කල්පනා කරන ඉරියව්වකින් නොවේ. ඇයගේ සිනා මුසු මුහුණින් කියවෙන්නේ උත්පත්ති බාධක කොතෙක් තිබුණත් ඒ කරදර බාධක ජය ගැනීමට හේතු වාසනා සහිත චරිතයක් බවයි. ඇයට කරදර බාධක නොපැමිණියා නම් මේ ලබන ජනප්‍රියතාව හෝ සැපපහසුව නොලැබියාමට ඉඩ තිබුණි. එබැවින්ම කරදර බාධක අභිමුවට පැමිණෙන තරමටම ඉන් තෙම්පරාදු වෙමින් සැප සම්පත් ලැබිමේ වාසනාව ඇයට ඇත.

ඇයගේ මුඛය ගත් විට පුළුල්ය. සිනාසෙන විට මුඛය වඩාත් විවෘත වේ. ඉන් කියවෙන්නේ හිතට එන දේ හොඳ හෝ නරක හෝ මුහුණටම කියා දැමීමට සමත් බවයි. ඇස් දෙකෙන් කියැවෙන්නේ කලාත්මක පසට නෑකම් කියන බවයි. එමෙන් හිතට ඇතිවන ආසාවන් ද තිබේ. අන්‍යයන් වෙත පාන ළෙන්ගතුකම් නිසාම විටෙක කරදර ඇති කර ගන්නේ තමන් විසිනි. එහෙත් කිසිවිටෙක ඒ ගැන පසුතැවිලි වන්නේ නැත.

පෙර කරන ලද පින් නිසාම අලංකාර නිවාස යාන වාහන මෙන්ම ජනප්‍රියභාවය ලබන්නට භාග්‍යය තිබේ. එවැනි සම්පත් තම දෙපාමුලටම ලබා දෙන තරමේ පින් මහිමයක් ඇය සතුව තිබේ.

මේ කාලයේ ඇයට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවේ. ගෙදර දොර ප්‍රශ්න මෙන්ම තම ලෞකික ජීවිතයේ ගැටලු එහිදී මූලික වෙයි. විශේෂයෙන්ම විවාහ දිවිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම වැදගත් අතර, විටෙක තනි තීරණ ගන්නට යෑමෙන් ඇතැම් ගැටලු නිර්මාණය කරගන්නේ තමන්මය. එබැවින්ම ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේ නොවුනහොත් තමාගේ ජනප්‍රියත්වයට තමාගේ ගමනට තමා විසින්ම බාධක ඇතිකර ගනී. ඒ ගැන කල්පනාකාරී වීම වැදගත්ය.
ඇය ඉගෙනීමට, හැදෑරීමට වැඩි කැමැත්තක් දක්වන අතර, කලාව, දේශපාලනය හෝ වෙනත් විෂයයක් සම්බන්ධයෙන් වුව දැනුම ලබා ගැනීමට හැකි අතර, කවුරුන්ගෙන් හෝ උදව් නොලැබුණත්, තමන් තනිව හෝ තම අනාගතය ගැන කටයුතු කිරීමට තරම් ශක්තිමත් හිතක් ඇය සතුව ඇත.

ඊට වැදගත් වන්නේ ඉවසීම හා තමන් තබනා ඉදිරි පියවර කුමක් වුවත් ඒ පිළිබඳ කල්පනාවෙන් ඉදිරියට යෑමයි. එහිදී තම හැඟීම් බුද්ධියෙන් මෙහෙයවා ගනිමින් කටයුතු කළහොත් ලබන සාර්ථකත්වය කිසිවකුට වැළැක්විය නොහැක්කකි.

මේ ගෙවන කාලය ගැන කියන්නට ඇයගේ උපන් දිනය අප සතුව නැතත්, මෙ ගවෛන කාලය යම් යම් බාධක ප්‍රශ්න ඇති කාල වකවානුවක්, බව කිව හැකි වුවත් 2017න් පසු සුවිශේෂ දියුණුවක් ලෞකික ජීවිතයට හිමි වන බවද කිව යුතුය.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment