කටකතා ඇත්තක් කරමින් ප්‍රීටි සින්ටා යුග දිවියට පා තබයි

බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක් වන ප්‍රීටී සින්ටා යුග දිවියට එළඹ තිබෙනවා. මෙම උත්සවය පවත්වා තිබෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී. පවුලේ සාමාජිකයන් ඇතුළු මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු පමණක් ඊට එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ප්‍රීටි සින්ටා විහාහ වන බවට පසුගිය සමයේ පැවති කට කතා සත්‍යයක් බවට පත් කරමින් පසුගිය 29 වැනිදා මෙම විවාහ මංගල්‍ය සිදුවී තිබෙනවා. සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රවලට අනුව එම කටයුතු සිදුවු බව සඳහන්.

ප්‍රීටි සින්ටාගේ අතිනත ගත් මනාලයා වුයේ ලොස් ඇන්ජලීස් විදුලිබල නිශ්පාදන ආයතනයක ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කරන ජෙනී ගුඩ්ඉනෆ් නම් අයෙක්. ඔහු තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටින බව ද සඳහන්. ඔහු සහ සුපිරි බොලිවුඩ් නිළිය දීර්ඝ කාලයක සිට මිතුරන් ලෙස සිට ඇති බවයි වාර්තා වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment