විදුලි බිඳවැටීම් පරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට



ස්ථාන දෙකක විදුලි උපපොලවල සිදුවූ පිපිරීම් සමග හදුනාගත් උපපොලවල් රැසකට මේ වන විට ආරක්ෂාව සපයා තිබෙනවා. විදුලි උපපොලවල් පිහිටි ස්ථාන සහිත ලේඛණයක් මේ වන විටත් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

දිවයින පුරා ඇති විදුලි උපපොල සංඛ්‍යාව 55 ක්. නොරොච්චෝලේ බලාගාරයෙන් නිකුත් කෙරෙන විදුලි ධාරිතාව හලාවත සහ නව අනුරාධපුර ප‍්‍රධාන මධ්‍යස්ථාන දෙක වෙත යොමු කෙරෙනවා. ඉන් අනතුරුව අනෙකුත් මධ්‍යස්ථාන කරා විදුලිය නිකුත් කෙරෙන අතර හලාවතින් වේයන්ගොඩටත් වේයන්ගොඩින් කොටුගොඩ විදුලි උපපොලටත් විදුලිය සම්පේ‍්‍රෂණය කිරීම සිදු කෙරෙන බව සඳහන්. ඒ අනුව මෙම සියලු ඒකකවල ආරක්ෂාව විදුලි ජනනයේදී ඉතා වැදගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවා. 

මේ අතර මේ දිනවල විදුලි බිඳවැටීම් සමග තාප විදුලි බලාගාර පණගැන්වීමට සිදුවූ බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

ජල විදුලි බලාගාර පණගැන්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස්, අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ ජල විදුලි බලාගාර පණ ගැන්වීමේ ගැටලු කිහිපයක් පවතින බවයි. විදුලි උත්පාදනයට භාවිතා කරන ජලාශවල ජල මට්ටම පහළ යෑම, පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ජලය වෙන් කිරීම, කෘෂි අවශ්‍යතා වෙනුවෙන් ජලය මුදා හැරීම වැනි ගැටථ මේ කාලසීමාවෙදී දැක ගත හැකි බවත් පැවසුවා. 

මේ අතර කොටුගොඩ විදුලි උපපොල සහ බියගම ලැගුම්පොල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජර්මනියේ විශේෂඥයන් පිිරිසක් හෙට (21) දිවයිනට පැමිණීමට නියමිතයි. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment