ටී ෂර්ට් එකක් ඇඳගෙන ආපු ලසිත් මාලිංග දෝෂදර්ශනයට ලක්වෙයි

ලෝක කුසලාන පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා  ශ්‍රී ලංකා පිල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ඔවුන් පිටත්ව යාමට පෙර ඔවුන්ට සුභ පැතීමට ඊයේ  කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ සංකීර්ණයේ පැවැති උත්සවයට හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ටී ෂර්ටයකින් සැරසී පැමිණීම බොහෝ දෙනාගේ දෝෂදර්ශනයටද හේතුවී තිබුණා.
ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයින් කෝට් ඇඳුමින් සැරසී සිටිද්දි මාලිංග පමණක් ටීෂර්ට් එකකින් සැරසී සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්ප්‍රදායක්ද බිඳිමින්. මාලිංග මේ තරගාවලියට සහභාගිවීම සඳහා ඊයේ පිටත්ව නොගියද පසුව ශ්‍රී ලංකා පිල සමඟ එක්වීමට නියමිතයි.

මාලිංග ටීෂර්ට් එකකින් සැරසී සිටින අයුරු පහතින්..

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment