සුසිල් රහසක් කියා ළඟදීම යන්න යයි?

GLA_0343එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පරාජය වීමට හේතු මොනවාද යන්න ගැන දේශපාලනයෙන් විශ‍්‍රාම යන දිනක ප‍්‍රකාශයක් කරන බවත් එම දිනය වැඩි ඈතක නොවිය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති සහ තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
හැම තීන්දුවක්ම ගත්තේ පක්‍ෂ නායකත්වයේ කැමැත්ත මත ගත් බව කී හිටපු මහ ලේකම් ඒ නිසා මැතිවරණ 10ක් ජයගැනීමට මෙන්ම පසුගිය මැතිවරණයේදීක් ආසන 95ක් දිනා ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය.
කිසිවක් නොදන්නා ශ්‍රී.ල.නි.ප යේ නොවන සන්ධානයේ වෙනත් පාර්ශව පිරිසක් තමන්ට නඟන චෝදනා නිවැරදි කරන්නට තමා කටයුතු කළා නම් ඒ පිරිස්වලට ගැටලූ ඇතිවිය හැකිව තිබූ බවද කී සුසිල් ප්‍රේමජයන්ත මහතා නොදන්නා දෙවල් ගැන ප‍්‍රසිද්ධියේ කතා නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිය ධුරයේ වැඩභාරගැනීමේ උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සන්ධානය පිහිටවූ අවස්ථාවේ හිටපු ජනපතිනිය එහි සභාපති ධූරයට යෝජනා කළේ තමන් වුවත් එය තමාට නොලැබුණු බවය.
තමාට සුදුසුකම් තිබුණත් තනතුරු නොලැබෙන අවාසනාවක් තිබෙන බවද ඔහු සිනාසෙමින් කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුයේ සන්ධානයේ සියලූ පාර්ශව ඒකරාශී කරගෙන පෙරට ගොස් ඊ ළඟ මහ මැතිවරණයේදී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බවයි.
ශ්‍රී.ල.නි.ප මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රීවරු කිසිවෙක් නොවූහ.
GLA_0479

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment