කොරියාවට යැවෙන මෙරට ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළට

දකුණු කොරියාව සඳහා යැවෙන මෙරට ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව එකඟතාව පළ කර තිබේ.

දකුණු කොරියාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන්ය.

එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තවදුරටත් පහසුකම් සැපයීම ඉහළ නැංවිමටද දකුණු කොරියාව එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ශ්‍රි ලාංකිකයින් 42,000කට අධික පිරිසක් දකුණු කොරියාවේ සේවය කරමින් සිටියි.

මෙම ශ්‍රමිකයින් දෙරටේම ආර්ථිකයට ශක්තියක් වී ඇති බව දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment