හිටපු ජනපති ආර්යාව දේව කන්නලව්වක



කාන්තාව සුරක්ෂිත කිරීම රජයේ මෙන්ම සමාජයේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ද එක්ව සිටියා.

අදට යෙදී ඇති කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ ද අද විශේෂ උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

මේ වන විට එම උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.

මේ අතර එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ නියෝජිතයින් අද නවගමුව සත් පත්තිනි මහ දේවාලයේදී දේව කන්නලව්වක නිරත වුණා.

ඒ සියලූ කාන්තාවන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින්.

එම අවස්ථාවට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment