මිනිස්සු ආදරේ කියලා බොරුවට දුක් විදිනවා – සුරාජ් මාපා


කුඩා කාලයේ සිට නර්තන ශිල්පියෙකු ලෙස තම හැකියාවන් ප්‍රගුණ කර රංගනයෙන් කලා ක්‍ෂේත්‍රයට පිවිස දිගු කාලයක් තම ජනප්‍රියත්වය එකසේ රඳවා ගත් තරුණ පරපුරේ කඩවසම් රංගන ශිල්පියෙක් වන සුරාජ් මාපා මෙවර මියුලැසි කතාබහට එකතු වුණා.

ඔබ පැවැත්වූ නර්තන ප්‍රසංගයෙන් පස්සේ කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාර
ප්‍රසංගයක් කරන එක හරිම අමාරු වැඩක්. මේ රටේ නළුවෝ නර්තන ප්‍රසංග කරලා නැහැ. ඒක අලුත් දෙයක් නිසා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තියෙනවා.

ඒ ප්‍රතිචාරත් එක්ක තවත් ප්‍රසංගයක් පවත්වන්නද මේ සැරසෙන්නේ?
ඔව්, අපි මේ වසරේ පෙබරවාරි 27 වෙනිදා නුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ නර්තන ප්‍රසංගයක් පවත්වන්න බලා‍පොරොත්තු වෙනවා. උදේ 10ට සහ සවස 6.30ට ප්‍රසංග 2ක් කරනවා. ඒකට යශෝධා විමලවීර, දමිතා අබේරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, හිමාලි සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද් යන කලාකාරිනියන්ද නර්තනයෙන් සහභාගි වෙනවා.

ඔබට උඩරට නර්තන හැකියාව වගේම බටහිර නර්තන හැකියාවත් තියෙනවා. මේ සංකලනයෙන් ප්‍රයෝජනවත්ව යොදවන්න හිතුවේ නැද්ද?  
කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. හැමදේකටම  කාලය ඕනා. අපේ අලුත් ප්‍රසංගයටත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මහාමායා බාලිකා විදුහල, මහනුවර උසස් බාලිකා විදුහල ඇතුළු විදුහල් කිහිපයකම නර්තන කණ්ඩායම් සහභාගි වෙනවා.
දැන් ළමයින්ට පුංචි කා‍ලේ ඉඳන් දක්ෂතා තිබෙනවා. අපි ඒවට අවස්ථාව දෙන්න ඕනා. ඊළඟ පරම්පරාවෙත් නැටුම් කලාව ඈත්වෙනවා. විශේෂයෙන්ම පිරිමි ළමයින් අතරින් උඩරට නැටුම් කලාව පිරිමි ළමයින්ට විශේෂයි. මම ලතින් ඇමෙරිකානු වගේම උඩරට නර්තන ෙශෙලය ඉගෙන ගත්තා, තව ෙශෙලීන් ඉගෙන ගෙන ඒ තුළින් අලුත් දෙයක් කරන්න කැමතියි.

කොහොමද අලුත් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර
ප්‍රේක්ෂකයෝ අහනවා තව චිත්‍රපට කරන්නේ නැත්තේ ඇයි කියලා. ලංකාවේ ගොඩක් චිත්‍රපට හැදුනත් ඒවා ජනප්‍රියවෙනවා අඩුයි. මම මේකට සම්බන්ධ වුණේ ලාල් වීරසිංහ මහතා හින්දා මොකද ලොකු ආශාවක් තිබුණා හාස්‍ය දනවන චිත්‍රපටයක රඟපාන්න

මොනවද මේ දවස්වල කරන අලුත් කලා කටයුතු?
මේ දිනවල ජෝශප් ජෙරම්ගේ දා තුර්යා ටෙලි නාට්‍යයට දායක වෙලා ඉන්නවා. ටෙලි නාට්‍ය දෙකක් පමණ තව එන්න තියෙනවා.

කලා කටයුතුවල ඉදිරි සැලසුම් මොන වගේද?
නළුවෙක් විදිහට ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලින් මට මගේ දක්ෂතාවය තවම හරියට පෙන්වන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම ටෙලි නාට්‍ය නිෂ්පාදන පැත්තටත් සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවා.

පෞද්ගලික ජීවිතේ වෙනසක් කරන්න හිතුවේ නැද්ද?
පෞද්ගලික ජීවිතේ ලබන අවුරුද්දේ වෙනසක් ඇති වෙයි කියලා බලා‍පොරොත්තු වෙනවා. කර්මය අනුව තමයි ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ.
වෘත්තීය ජීවිතේ වගේ පෞද්ගලික ජීවිතේ තීරණ හදිස්සියේ ගන්න  ඕනේ නෑ. ජීවිතේ දුක් විඳින්න මං කැමති නෑ. ජනප්‍රියත්වය එක දිගට රඳවා ගන්න එක ‍ලේසි නැහැ. මේ ක්‍ෂේත්‍රය සුන්දර තැනක් ‍නෙවෙයි. අපි දිහා ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න නිසා විහිළුවක් වෙන්න හොඳ නැහැ.

ඔබ ආදරය දකින්න කැමති මොන විදිහටද?
ආදරය කියන්නේ සතුටුවෙන්න පුළුවන් දෙයක්. ඒක විඳින්න ඕන දෙයක් වුණත් මිනිස්සු ආදරේ කියලා දුක් විඳිනවා. මිනිස්සු සරලව ජීවත් වුණොත් ආදරය විඳින්න පුළුවන්.

අද සමහරු බොරුවට ආදරය කියලා මවා පාමින් සමාජ මාධ්‍යවල බොරු දානවා. ඒත් වැඩියෙන්ම දුක් විඳින්නෙත් ඒ අයමයි. ආදරය තමන්ට විතරක් පෞද්ගලික දෙයක් වෙන්න ඕනා.

ඒ වගේ පෞද්ගලික විඳින ආදරයක් ඔබටත් තියෙනවාද?
තියෙනවා. නැහැ කිව්වොත් වැරදි. ඒක පෞද්ගලික ජීවිතේ. සමහර අය පෞද්ගලික ජීවිතේ සතුටට ඊර්ෂියා කරනවා. මම ඒකට කැමති නෑ.

එයා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?
නැහැ


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment