අගමැතිවරයාට ලිපි ලිවීමෙන් පමණක් තමිල්නාඩු ධීවරයන්ට සිදුවන හිරිහැර නතර නොවනු ඇති බව ඔහු පෙන්වාදෙයි.
තමිල්නාඩු ප්‍රාන්ත බලය පවතින ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 37 දෙනෙකු ලෝක් සභාව තුළ සිටින අතර භාරතීය ජනතා පක්ෂය ද මධ්‍යම රජයට බලපෑම් කිරීම සඳහා සහය විය යුතු බව කරුණානිධි පවසයි.
ඩී.එම්.කේ.නායක කරුණානිධි වැඩිදුරටත් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාට ලිපි ලිවීමෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ධීවරයින් රැවටීමට ලක් කරන බවයි.
ඉන්දියාව හා සංසන්ධනය කිරීමේ දී ශ්‍රී ලංකාව කුඩා රටක් බව සඳහන් කරන කරුණානිධි ඉන්දියාවට ඕනෑකමක් ඇත්නම් මෙම ගැටලුවට විසඳුමක් සපයා ගත හැකි බව ද ප්‍රකාශ කරයි.
මධ්‍යම රජය ඉතාමත් ඕනෑකමින් කිසිදු ප්‍රමාදයකින් තොරව තමිල්නාඩු ධීවරයන්ගේ ගැටලුව විසඳීමට මැදිහත් විය යුතු බව ඩී.එම්.කේ. නායක එම්.කරුණානිධි පවසයි.
0 comments :
Post a Comment