පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකුට තුවාලයි


බොරැල්ල-කොට්ටාව(174)මාර්ගයේ දෙපානම ප්‍රදේශයේ වෙළෙඳසැළක් බිඳීමට උත්සාහ දැරූ පුද්ගලයෙකුට පොලීසිය විසින් කළ වෙඩිතැබීමකදී රෝහල් ගත කර තිබේ.
පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකුට තුවාලයි
අද(16)අලුයම 2.15 ට පමණ මහරගම පොලීසියේ පොලිස් ජංගම මුරසේවයේ යෙදුණු පිරිසකට අදාළ පුද්ගලයා සැකකටයුතු අන්දමින් වෙළඳසැළට ඇතුළුවීමට උත්සාහ දරන ලද අවස්ථාවේදී ජංගම මුරසේවයේ යෙදී සිටි මහරගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම අවස්ථාවේදී සැකකාර පුද්ගලයා තමා අත තිබුණු වීදුරු බෝතලයක් කඩා පොලිස් නිලධාරියාට එයින් පහරදෙන්නට දැරූ උත්සාහයේදී ‍පොලිස් නිලධාරියා තම අත තිබුණු පිස්තෝලයෙන් සැකකරුගේ දණහිසෙන් පහලට වෙඩිතබා ඇති බව පොලීසිය කියයි.

එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පොලීසිය විසින්ම කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

මහරගම පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment