යුරෝපා කොමිසමෙන් යුරෝ මිලියන 38ක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපාරික හා සංවර්ධන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යුරෝ මිලියන 38ක ව්‍යාපෘතියක් වෙනුවෙන් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අද අත්සන් තැබීමට නියමිතය.

යුරෝපා කොමිසමෙන් යුරෝ මිලියන 38ක්
ඒ සඳහා යුරෝපා කොමිසමේ ජාත්‍යන්තර හා සංවර්ධන කොමසාරිස්වරයා වන නේවෙන් මිමිකා තෙදින නිල සංචාරයකට දිවයිනට ළඟාවන බව සඳහන්ය.

සංවර්ධන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සමග පවත්නා දිගු කාලීන සම්බන්ධතාව තවදුරටත් තහවුරු කරමින් මෙම අලුත් සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලංකාගමනයට පෙරාතුව  අදහස් දක්වමින් මිමිකා පෙන්වාදි තිබේ.

යුද්ධයෙන් සහ සුනාමි උවදුරෙන් පසුව ශ්‍රී ලංකාවට නැවත ගොඩනැඟීමට ඉතා වැදගත් දායකත්වයක් මානුෂීය සහනාධාර ලෙස දැක්වීමට යුරෝපා කොමිසමට හැකිවී ඇති බව හෙතෙම කියා සිටියි.

මෙරට ආණ්ඩුකරණයට සහය ලබාදීමට අලුත් අවස්ථාවක් උදාවී ඇති බවත්,ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී තත්ත්වයට මුල්බැසගත් හේතු සාධක වලට ආමන්ත්‍රණය කිරීම සඳහා සංහිඳියාවට සහය ලබාදීම සඳහාත් මෙය අවස්ථාවක් කරගන්නා බව ඔහු පෙන්වාදී තිබේ.

යුරෝපීය කොමිසමේ කොමසාරිස්වරයාගේ ලංකා සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment