සූර් පිට බිරිඳට තඩිබෑ පොලිස් නිලධාරියා අත්අඩංගුවේ

බීමතින් තම බිරිදට පහරදුන් බව කියන පොලිස් නිලධාරියෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 ‍සූර් පිට බිරිඳට තඩිබෑ පොලිස් නිලධාරියා අත්අඩංගුවේ
අද(16)අලුයම 6.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අප වාර්තාකරු පවසයි.

නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 72640 අජිත් කුමාර නම් නිලධාරියෙකි.

ඔහු නවගත්තේගම - මුල්ලේගම පදිංචිකරුවෙකි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට අද අලුයම 4.10 ට පමණ ලැබී ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද ඔහු අධික ලෙස මත් පැන් පානය කර සිට ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරියා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment