මැලේසියාවේ රැකියා පෙන්නා මුදල් ගරලා


 මැලේසියාවේ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා මැලේසියාවේ රැකියා ලබා දෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් 180,000 බැගින් මුදල් ලබා ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කාර්යාංශයට ලැබී තිබූ පැමිණිලිවලට අදාලව සිදු කළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 10ක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් විසින් හබරණ ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් ද පවත්වාගෙන ගොස් තිබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ඔවුන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment