විදුලිය ඇණහිටියේ අකාර්යක්ෂම පාලනය නිසයි



ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරාගිය පමණින් මුළුරටටම විදුලිය ඇණහිටින්නේ නැති බවත්, විදුලිය ඇණහිටීමට හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය බවත්, පා.ම පවිත්‍රාවන්නි ආරච්චි  මහත්මිය කියයි.

ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ තම ආණ්ඩුව සමයේදී පෑවිල්ල, අකුණු අනතුරු තිබියදී පවා මුළුරටටම බාධාවකින් තොරව විදුලි සැපයුම දුන් බවයි.

මේ අතර සරසවි සිසුන්ට ඊයේ සිදුකළ පහරදීම හෙළාදකින බවත්, ඔළු පළයි කියා මව්පියන් තම දරුවන් සරසවි වලට එවීමට බියෙන් සිටින බවත්, ඇය කියා සිටියාය.

මාධ්‍ය හමුවට එක්වූ පා.ම රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ සොඳුරු රටක් උදාකරන බව පවසා බලයට පැමිණියද වත්මන් ආණ්ඩුව රට අඳුරට යවා ඇති බවයි.

එජාපය ඊයේ සංවිධානය කළ රැළියට සෙනඟ රැගෙන ආවේ බලහත්කාරයෙන් බවද පැවසූ මන්ත්‍රීවරයා ගැලනිගම පිවිසුම ඔස්සේ අධිවේගී මාර්ගයෙන් බස් රථ දෙකක් බලහත්කාරයෙන් කොළඹට එවා ඇති බවද, අලුත්ගම ඩිපෝවේ කම්කරුවන්ද බලහත්කාරයෙන් එම රැළියට ගෙනැවිත් ඇති බවද පෙන්වාදුන්නේය.

තරුණයින්ගේ රැළියක් බව පැවසුවද වයසක උදවිය ද එහි සිටි බව  මන්ත්‍රීවරයා පැවසුවේය.

මාධ්‍ය හමුව ඇමතු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ හෙට හයිඩ් පිටියේ පවත්වන රැළිය සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අපත් සමග එක්ව ඊට සහය දෙන බවයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටීමේ වාසියෙන් අයි.ඕ.සී සමාගම මේවන විටත් ඩොලර් මිලියන 1.1ක ලාභයක් උපයා ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා ජනවාරී 8 මැතිවරණය ජය ගැනීමට ඉන්දියාව දුන් සහය අගයමින් වත්මන් ආණ්ඩුව දොළ පිදේණියක් ලෙස ඉන්දියාවට එහි වාසිය ලබාගැනීමට ඉඩ සලසා ඇතැයි කියා සිටි‍යේය.

මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ සවිකර ඇත්තේ පරණ බඩු යයි කියමින් දැන් චීනයට බැණ වැදී ඵලක් නැති බවයි.

මන්දයත් ඒවා සවි කිරීමට පෙර එම ක්ෂේත්‍රය පිළිබඳ දන්නා නිලධාරීන් ඊට එරෙහිව අදහස් පළ කළේ නම් මෙවැන්නක් නොවන බවද පැවසුවේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment