මුදල් ඇමති ඉන්දියා යයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙලේ සම්මන්ත්‍රණයකට සහභාගීවිම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

අද(11) සිට ලබන 13 වන දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට ආසියා පැසිපික් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික විද්‍යාඥයින් ඇතුලු 400ට අධික පිරිසක් සහභාගී වන බව සඳහන්ය.

කලාපීය වශයෙන් පවතින ආර්ථික අභියෝග සහ ඒ සඳහා වන විසදුම් පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment