ගිවිසුම්වල ප්‍රගතිය ගැන ජනපති සොයයි



පසුගිය පාලන සමයේ දී දේශීය හා විදේශීය වශයෙන් ඇති කරගත්  ගිවිසුම් වලින් රටට ඵලදායි ගිවිසුම් පමණක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විදේශ සංචාරවලදී සහ විදෙස් නායකයන් මෙරටට පැමිණි අවස්ථාවලදී ඇති කරගත් ගිවිසුම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම ගිවිසුම් සම්බන්ධයෙන් අදාළ රටවල් ගෙන ඇති පියවර පිළිබඳ සොයාබැලීම සඳහා ඉදිරියේදී තමන් විදේශීය තානාපතිවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment