ඒකාබද්ධ රැළියට ගිය පිරිසට වැඩ වරදී - මන්ත්‍රී නාමලේඛණය මෙන්න

පක්‍ෂයේ නිල අවසරයකින් තොරව හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ 'ජන සටන' මහා රැළියට සහභාගි වූ මන්ත්‍රීවරු තිස්‌හත් දෙනාට  විරුද්ධව පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා සති අන්ත පුවත්පතකට සඳහන් කර ඇත්තේ පක්‍ෂයේ අවසරයකින් තොරව හයිඩ් පිටියේ පැවති රැළියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ සහභාගිවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි. 

"පක්‍ෂයේ උත්තරීතරම ආයතනය වන මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීන්දු තීරණ අභියෝගයට ලක්‌ කිරීමක්‌ වෙනවා. මෙමගින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කීර්ති නාමයට සහ අභිමානයට විශාල කැළලක්‌ සිදු වී තිබෙනවා.මේ නිසා හයිඩ් පිටියේ රැස්‌වීමට අදාළ සත්‍ය තොරතුරු සියල්ල නිවැරැදිව අධ්‍යයනය කර පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා." යනුවෙන්  දුමින්ද දිසානායක මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 37ක් මෙම රැළියට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

සී.බි. රත්නායක, කුමාර වෙල්ගම, විමලවීර දිසානායක, ශ්‍රියානි විජේවික්‍රම, එස්.එම්.චන්ද්‍රසේන , ෂෙහාන් සේමසිංහ, එච්.ඒ. මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, කනක හේරත්, තාරක බාලසූරිය, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන,සිසිර ජයකොඩි, ඉන්දික අනුරාධ, මොහාන් සිල්වා, සී.බි. රත්නායක,සනත් නිශාන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, චමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි යන සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ද මෙම රැළියට එක්ව සිටියා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment