නටාෂාගේ ක්‍රිකට්

පසුගියදා කොළඹ රේස්කෝර්ස් හිදී පැවැති World Cup T20 opening ceremony හිදී නටාෂා රත්නායක ගායන කරන ලද ගීතය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ පිළිබඳව ඇය අපත් සමග කියා සිටියේ,"Official World Cup T20 Anthem" එක සඳහා මම ඉංග්‍රීසි ගායනයෙන් දායක වෙනවා. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ගායනා කරනවා. මම හිතන්නේ මෙවැනි ගීතයක් නිර්මාණය වන්නේ පළවෙනි සැරේටයි. එහි සිංහල කොටස් ගීත ගායනයෙන් දායක වන්නේ ඉන්ද්‍රචාපා සහ චරිත් ජයනිත්ති විසිනි. එහි දෙමළ භාෂාවෙන් ගායනා කරනු ලබන්නේ සුලක්ෂණ් අශෝක් විසිනි බවයි* ඇය පැවසුවේ. මෙම ගීතය එළිදැක්වූයේ පසුගියදා රේස්කෝස් හි පැවැති T20 Ceremony හිදීය.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, මෙම ගීතයේ English Part එක පදරචනාව කරනු ලැබුවේ ඇය විසින් වන අතර, එම ගීතය පටිගත කරනු ඇත්තේ කසුන් කල්හාරගේ ස්ටූඩියෝ හිදී බවය.

ඡායාරුප - මිහිර බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment