මන්ත්‍රීවරයෙක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට පහරදෙන්න ගිහින්


වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්.තාහිර් මහතා තම කාර්යාලය තුළදී තමන්ට පහර දීමට සුදානම් වූ බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් විජේසිංහ මහතා පුත්තලම පොලීසියට පැමිණිලි කරමින් පවසා  තිබේ.

ඊයේ(16)සවස පුත්තලම කලාප කාර්යාලය තුළදී මෙම සිද්ධිය සිදුවී ඇති බව සඳහන්ය.

වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා තමන්ට දෙවරක් පහර දීමට උත්සහ කළ බවත්,එම අවස්ථාව වන විට තම කාර්යාලය තුළ මාණ්ඩලික නිලධාරීන් තිදෙනෙකු, විදුහල්පතිවරයෙකු,කාර්යාලයේ පරිපාලන නිලධාරීවරිය සහ කාර්යාල කාර්ය සහායක වරයාද සිටි බවත් කලාප අධ්‍යාපන අධක්ෂකවරයා විසින් පොලීසිය හමුවේ කර ඇති පැමිණිල්ලේ දැක්වෙයි.

ඒ අය අතරින් තිදෙනෙකුගේ ප්‍රකාශද පොලීසිය විසින් 16 වැනිදා සවසම සටහන් කර ගෙන ඇත.

වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්.තාහිර් මහතාගෙන් අදදෙරණ වාර්තාකරු ජූඩ් සමන්ත මහතා කළ විමසීමකදී මේ සම්බන්ධයෙන් හෙතෙම අදහස් පළ කර තිබුණේ මෙසේය.

"පාසල් කීපයක තිබෙන ගුරු ගැටළු සම්බන්ධයෙන් කථා කිරීම සදහා මම පුත්තලම කලාප කාර්යාලයට ගියා.මුලින්ම එම කාර්යාලයේ සිටින දෙමළ මාධ්‍ය සම්බන්ධයෙන් වන සහකාර අධ්‍යක්ෂකවරයා මුණ ගැසී සාකච්ඡා කර කලාප අධ්‍යක්ෂකවරයාගෙන් වෙලාවක්ද ලබා ගෙනයි ඔහු හමුවීමට ගියේ.එම අවස්ථාවේදී ඔහු මට බැණ වැදී කාර්යාලයෙන් පිටවී යන ලෙස තර්ජනය කළා.මම මහජන නියෝජිතයෙක්.මහජනතාව අපිට කියන ගැටළු සම්බන්ධයෙන් සොයා බලන්න අයිතියක් තියෙනවා.ඒ නිසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මට බැණ වැදී පළවා හැරීම සම්බන්ධයෙන් මම පුත්තලම පොලීසියට පැමිණිල්ලක් කළා.කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් සිදු කරන ලද්දේ මහජන නියෝජිතයෙකුට අපහාස කිරීමක්."
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment