වරාය නගරයට එරෙහි පෙත්සම කල් යයි

කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන මැයි 25 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දුන්නේය.



 


මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment