විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරන වෙළෙඳසැලක් මෙලෙස ගිනිගෙන විනාශ වී ඇති බව පොලීසිය පවසයි.
කිරුළපන පොලීසිය, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර කිරුළපන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර අකුරැස්ස ප්‍රදේශයේ වතුයායක ද ගින්නක් හටගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත මාතර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න නිවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
ගින්නෙන් වතුයායේ අක්කර තුනක භුමි ප්‍රදේශයක් විනාශ වී තිබේ.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment