සරසවි සිසුවා අතුරුදන්

අඟුරුවාතොට ප්‍රබුද්ධගම ප්‍රදේශයේ දී කළුගඟේ දියනෑමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අතුරුදන්ව තිබේ.

තවත් සිසුන් පිරිසක් සමඟ එම සිසුවා දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔහු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙකි.

පොලීසිය, ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටියි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment