නොරොච්චෝලේට පණ එයි? විදුලි කප්පාදුව අද විතරයි?



නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු අද (16) සවස් කාලය වනවිට යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ විදුලි කප්පාදු කිරීම අද දවසට පමණක් සීමා කළ හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවයි.

විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවල නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ගැටලූ මගහරවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවද රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment