දුම්රියට නව වේදිකාවක්



කොළඹ සිට යාපනය දක්වා වූ දුම්රිය මාර්ගයේ මහව සහ තාන්ඩිකුලම අතර කොටස වසර 110කට පසු යළි ප්‍රතිසංස්කරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ සඳහා රජය රුපියල් බිලියන 25ක මුදලක් වෙන් කර ඇති අතර, එය සහන ණයක් යටතේ ඉන්දීය රජය හරහා ලබා ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මහව සහ තාන්ඩිකුලම අතර කිලෝමීටර් 120ක දුරක් පවතිනවා.

එම කොටස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ නිරීක්ෂණයට ලක්වුණා.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ සියලුම දුම්රිය ස්ථානවල වේදිකා යළි සකස් කිරීමට සිදුව ඇති බවයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment