සියල්ලන් පුදුම කරමින් ලංකාවේ වෙනස්කම් රැසක් - තීරණාත්මක එංගලන්ත තරගය අදයි



විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය  අද (26) දිල්ලි කොට්‌ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරගයට  පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ එංගලන්තය පුදුම කරවන වෙනස්‌කම් සහිතව  තම කණ්‌ඩායම සැළසුම් සකස්‌ කර ඇති බවයි.

''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට  ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''යැයි දිනේෂ් චන්දිමාල් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment