සමලිංගිකත්වය පිලිගන්න නීති රාමු හදයි..



ශ‍්‍රී ලංකාව තුල සමලිංගිකත්වය පිලිගැනීම සම්බන්යෙන් නීති රාමුවක් සැකසීම මේ වන විට මෙරට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව සකසමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

එහිදී ඔවුන් යෝජනා කරන්නේ අනෙක් විවාහ මෙන් සමලිංගික විවාහයන්ටද රජය විසින් බාධා නොකල යුතු බවයි.

මුල් අදියරේදී රජය විසින් සමලිංගික විවාහ පිලි නොගත්තද ඊට බාධා නොකර සිටීමට පමණක් යොමු කරලීම මෙම පිරිසගේ අරමුණ වී ඇති අතර දෙවැනි තුන්වැනි අවස්ථාවන්හිදී පියවරයෙන් පියවර ඉතිරි ඉලක්ක පසුකිරීමටද සාකෙච්චා වෙමින් ඇත.

මෙම යෝජනා සැකසිමේ මූලිකත්ව ගෙන සිටින්නේ පසුගිය කාලයේ සමරිසි අයිතීන් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටි මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලද පිරිසකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment