ගීතයක් සමාධිව අමාරුවෙ දාලා




සමාධි සුදීකා පෙරේරා මේ දවස්වල වැඩිපුරම රඟපාන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක්. පසු ගිය දවසක ඇය රූපවාහිනී වැඩසටහනකට ආරාධිත ශිල්පිනියක් ලෙස සම්බන්ධ වුණා. මේ වැඩ සටහනේදී ඇයට සිදු වූ අකරතැබ්බයක් අපිටත් දැන ගන්න ලැබුණා. මේ ගැන ඇයගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා.

'මම පසුගිය දවසක 'රිද්ම රාත්‍රියක්' වැඩ සටහනට සහභාගි වුණා. සාමාන්‍යයෙන් වැඩසටහනකට සම්බන්ධ වෙද්දී සුදානමකිනන් තමයි මම එතැනට යන්නේ. සිංදු කියන්න රඟපාන්න තියෙනවද කියලා බලල තමයි යන්නේ. කොහොම වුණත් මට ඒ වගේ දෙයකට සුදානම් වෙලා එන්න කියල ඔවුන් කිව්වෙත් නැහැ. ඔන්න වැඩ සටහන පටන් ගත්තට පස්සේ නිවේදකයා සමාධි ඔයාට සිංදුවක් කියන්න තියෙනව කියලා කිව්වා. පෙර සූදානමක් නැති නිසා මම හුඟාක් බය වුණා.

මේ අතර වේග රිද්මයේ ගීතයකට නටන්න එන්න කියලා සහෝදර ශිල්පියෙක් මට ආරාධනා කළා. මම නැගිටලා ඉදිරියට ගියත් නටන්න හිතක් නම් තිබුණෙම නැහැ. මොකද හිතේ වැඩ කළේ ගීතයක් ගයන්නෙ කොහොමද කියලමයි.'

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment