බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක විශේෂඥයකු ලෙස කටයුතු කළ ඔහු මෙම මුදල් සොරකමට තිදෙනකු සම්බන්ධ බව පොලිසියට සඳහන් කර තිබෙනවා.
මෙම වංචාවට සම්බන්ධ කණ්ඩායම බංග්ලාදේශ මහබැංකුවෙන් ලබාගෙන ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 101 ක්. ඉන් මිලියන 20 ක් ශී‍්‍ර ලංකාව කේන්‍ද්‍රකරගෙන කි‍්‍රයාත්මක බව පැවසෙන ශාලිකා පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ගිණුමකට බැරකර තිබෙනවා.
එහෙත් අදාළ මුදල අන්තර්ජාලය ඔස්සේ වෙනත් ගිණුමකට මාරු කිරීමට උත්සාහ දැරීමේදී එය අසාර්ථක වී ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ ශාලිකා පදනමේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් පොලිසියේ සහාය පතා තිබෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment