බ්‍රස්ල්ස් ගුවන් තොටුපොළට ප්‍රහාරය එල්ල කළ ISIS ත්‍රස්තයින් දැක්වෙන ඡායාරූපයක් නිකුත් වෙයි



බ්‍රස්ල්ස් ගුවන් තොටුපොළට ප්‍රහාරය එල්ල කළ ISIS ත්‍රස්තයින් දැක්වෙන ඡායාරූපයක් නිකුත් වෙයි

ඊයේ බෙල්ජියමේ බ්‍රසල්ස්හි ස්වෙන්ටම් ගුවන්තොටුපොළට එල්ල වූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ
ත්‍රස්තයින් බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු දැක්වෙන ඡායාරූපයක් එරට පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කරනු ලැබ තිබේ.

බෙල්ජියන් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

එහෙත් එම ඡායාරූපයේ දැක්වෙන ලා පැහැති කබායකින් හැඳ තොප්පියක් පැළඳ සිටින සැකකරු ප්‍රහාරයෙන් පසු පලා ගොස් ඇති බව ය.

ඒ අනුව මේ වනවිට එරට පොලීසිය ඔහු සෙවීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබේ.

ඊයේ උදෑසන බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ප්‍රධාන ගුවන්තොටුපොළ වන සවෙන්ටම් ගුවන් තොටුපොළට සහ දුම්රිය ස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල විය.

ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 170කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ගුවන්තොටුපොළ තුළ පිපිරීම් දෙකක් සිදු වූ අතර ඉන් පළමු ප්‍රහාරය එල්ල වූයේ එහි පිටවීමේ පර්යන්තයේදී ය.

ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ තිබී තවත් බෝම්බයක් ද සොයා ගෙන තිබේ.

ප්‍රහාරය සඳහා ත්‍රස්තයින් සිය සුට්කේස තුළ මෙම බෝම්බ සඟවා ගෙන එන්නට ඇති බවට එරට පොලීසිය සැක පළකරයි.
පසුව ට්විටර් ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර සිටියේ තමන් ප්‍රහාරයේ වගකීම
භාර ගන්නා බව ය.

ප්‍රහාරය සඳහා මෙම ස්ථාන ඉතා විමසිල්ලෙන් යුතුව තෝරා ගත් බව ත් බෙල්ජියම ද සිය සංවිධානයට එරෙහිව නැගී
සිටින රටවල් අතරින් එකක් වීම මෙම ප්‍රහාරයට හේතුවක් බව ත් එම සංවිධානය පවසා ඇත.

එමෙන් ම බෙල්ජියම ද අයි.එස්. සංවිධානයට එරෙහිව නැගී සිටින රටක් වීම මෙම ප්‍රහාරයට හේතු වූ බව ය.

මේ අතර ප්‍රහාරයේ සතුට සමරමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් නැගෙනහිර සිරියාවේ ඩේයර් ඉසෝ (Deir Ezzor) නගර වැසියන්ට රසකැවිලි බෙඳන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ.

2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ සලාහ් අබ්ඩිස්ලාම් අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව මෙම ප්‍රහාරයඑල්ල වීම ද විශේෂත්වයකි.

අයි.එස්. අයි.එස්. ත්‍රස්තයින් විසින් වගකීම භාරගනු ලැබූ 2015 නොවැම්බර් 13 පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ මොහු
අත්අඩංගුවට ගැනුණේ, බෙල්ජියමේ බ්‍රසල්ස්හි සැඟව සිටියදී ය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් එරට පුරවැසියන්ට දැනුම් දි සිටින්නේ, මෙම අවස්ථාවේ යුරෝපයේ සංචාරය කිරීම අවදානම් සහගත බව ය.

තව ද ජනතාව බහුල වශයෙන් ගැවසෙන ප්‍රධාන පෙළේ, ක්‍රීඩා උත්සව, සංචාරක මධ්‍යස්ථාන, ප්‍රධාන පෙළේ ආපන ශාලා,
සහ ප්‍රවාහන පද්ධති ත්‍රස්ත කණ්ඩායම්වල ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්ත සංවිධාන සැලසුම් කරමින් සිටින
බව ය. ෙ

ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් කරමින් බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාර්ල්ස් මිෂෙල් පැවසුවේ, ඊයේ දිනය බෙල්ජියමට අඳුරු
දිනයක් බව ය.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිදු වූ ඛේදවාචකය හමුවේ, සන්සුන්ව සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරන ලෙසය.

ප්‍රහාරය හේතුවෙන් බෙල්ජියම තුළ තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එරට ගුවන් ගමන් තවමත්
යථා තත්ත්වයට පත් කර නොමැත.

ප්‍රහාරය හෙළා දකිමින් ලොව බොහෝ රාජ්‍ය නායකයින් බෙල්ජියම වෙත සිය ශෝක ප්‍රකාශ නිකුත් කර තිබේ.
(under the courtesy of newsfirst.lk web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment