රාජිතගේ 'රාජකාරි' ජනපති අතට ගනී

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍යංශයේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  හෙට  (07) පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සුවවී යළි රාජකාරි අරඹන තුරු ජනාධිපතිවරයා මෙලෙස අමාත්‍යංශයේ රාජකාරි අධීක්ෂණය කිරීමට නියමිතයි.

පසුගිය දා ජනාධිපතිවරයා අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සමග යළිත් සිංගප්පූරුවට ගොස් රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසා ඇති අතර එහිදී ඔහු සුවවී එනතුරු අමාත්‍යංශයේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම තමන් සිදු කරන බව ජනාධිපතිවරයා සේනාරත්න මහතාට සඳහන් කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment