කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට පාට් දැමූ මන්ත්‍රී අත්අඩංගුවේ

පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් විජේසිංහ මහතාට බැණවැදී පහරදීමට උත්සහ කළ බව කියන වයඹ පළාත් සභා(එ.ජ.නි.පෙ) මන්ත්‍රී ටී.එම්.තාහිර් මහතා පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(17)දහවල් පළාත් සභා මන්ත්‍රීවරයා නීතිඥයින් දෙදෙනෙකු මගින් පුත්තලම පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහු  අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

ඊයේ(16)සවස පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී පළත් සභා මන්ත්‍රීවරයා තමන්ට බැණවැදී පහර දීමට උත්සහ කළ බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එදිනම සවස පුත්තලම පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබේ.

 සිද්ධිය වන අවස්ථාවේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙ නිල කාමරය තුළ සිටි බව කියන තිදෙනෙකුගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර ගුරු ගැටළුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොස් සිටි අවස්ථාවේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තමන්ට බැණ වැදී අපහාස කළ බව පවසමින් පළාත් සභා මන්ත්‍රී ටී.එම්.තාහිර් මහතාද පුත්තලම පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කරන බව පුත්තලම පොලීසියේ නිලධාරියෙක් කියා සිටියේය.   
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment