රවිරාජ් ඝාතන නඩුව මහාධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් ඝාතන නඩුව මහාධිකරණය වෙත යොමු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

නඩු විභාගයේ මූලික සාක්ෂි විභාගයකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

සාක්ෂි විභාගයේදී විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් කරුණු පවතින බවට අනාවරණය වූ බව අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාළ නඩුව මහාධිකරණය වෙත යොමු  කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැනුම් දී තිබේ.

මේ අතර නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ  පොලීසිය මේ බව දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment