බලපත්‍ර රහිත ඇත් පැටවකු අනවසරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් බැලීමට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) මහර බන්ධනාගාරය වෙත පැමිණියා.
එම අවස්ථාවේදී පැමිණි මාධ්‍යවේදීන් බන්ධනාගාර භූමියෙන් ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගත්තා.
මහින්ද රාජපක්ෂ මහතා උඩුවේ ධම්මාලෝක හිමියන් බැලීමෙන් අනතුරුව පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ තවත් කුඩා ස්වාමින්වහන්සේ නමක් හිරේ සිටියදී තමන්ට හමුවූ බවයි.
"අපි ආවෙ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො බලන්න. ඒ අවස්ථාවේ තවත් පොඩි හාමුදුරු කෙනෙක් මාසයක් තිස්සේ හිරේ ඉන්නව දැක්කා. උන්වහන්සේවත් අපි බැලුවා. උඩුවේ ධම්මාලෝක හිමියන් කියන්නෙ මෑත කාලයේ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ජනතාව අතර ඉතා ප්‍රසිද්ධියට පත් වුණ ස්වාමීන් වහස්සේ නමක්. උන්වහන්සේ වැනි හිමිවරුන් මෙහෙම අත්අඩංගුවට ගන්නකොට ජනතාවට රටේ ප්‍රශ්න නිකම්ම අමතක වෙනව. මේවට කම්පාවෙන මිනිස්සු අනෙක් සියලු ප්‍රශ්න අමතක කරලා දානවා." යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.
(under the courtesy of nethfm news web)

0 comments :
Post a Comment