නාච්චාදූවෙන් මතුවූ රත්තරන් මාළුවා

අනුරාධපුර නාච්චාදූව වැවෙහි මාලු අල්ලමින් සිටි ධීවරයෙකුට ඊයේ සවස රන්වන් පැහැති ආඳෙකු අහුවෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් ආදන් ඇල්ලීමේ ක්‍රමයට කටුවකට හසුවී ඇතත් මෙම ආඳා සම්පූර්ණයෙන්ම කටුව නොගිලීම නිසා මරණයට පත්වෙලා නැහැ.

ආදන් සාමාන්‍යයෙන් බෝවන්නේ ලවණ සහිත ජලයේ වුණත් ඔවුන් වර්ධනය වන්නේ මිරිදිය ජලයේයි.

කලපු ආශ්‍රිතව බිත්තර දමන ආදන් ජල මාර්ග දිගේ හෝ ජල ගැලීම් ආදියට හසුවෙලා මිරිදියට පැමිණෙන අතර එසේ පැමිණීමේදී වන හානි නිසාවෙන් ආඳන් දුලභ බවයි සඳහන් වන්නේ.

මෙම සත්වයා නිරීක්ෂණය කිරීම සදහා ජලජීවි ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ඔවුන් පවසා ඇත්තේ මීට පෙර මෙවැනි රන්පැහැයෙන් යුත් ආඳෙකු ඔවුන්ට හමුවී නොමැති බවයි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment