බන්ධනාගාර ගතව සිටින දරුණු ඝනයේ අපරාධකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එවැනි රැඳවූවන් රිමාන්ඩ් දීර්ඝයන් සිදු කර ගැනීමට අධිකරණ වෙත ඉදිරිපත් නොකිරීමටයි අවධානය යොමුව ඇත්තේ.
ඒ සඳහා විශේෂ අවසරයක් අධිකරණ අමාත්‍යාංශයෙන් ලබාගැනීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිෂාන් ධනසිංහ මහතා පැවසුවා.
එම අවසරය ලැබුණහොත් දරුණු ගනයේ අපරාධකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත්තේ ඔවුන්ට අදාළ නඩු විභාගයන් පැවැත්වෙන අවස්ථාවන්වලදී පමණයි.
දෙමටගොඩ චමින්ද නැමැත්තා අධිකරණයට ඉදිරිපත්කර යළි බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයට පෙරේදා පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය මීට ආසන්නතම හේතුව වනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment