තංගල්ල, පොලොන්මාරුව ප්‍රදේශයේ පිහිටි අඳ ගොළු බිහිරි පාසලේ සාමාන්‍යාධිකාරීවරයාට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් 50,000ක මුදලක් බලෙන් ලබාගැනීමට තැත්කළ විශ්‍රාමික යුධ හමුදා සැරයන්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ මුදල රැගෙන යාමට පැමිණි විතාරන්දෙණිය නලගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අතර බෙන්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද වේ.
ඔවුන් මීට පෙර අවස්ථා කිහිපයකදීම තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකු කිහිපයක සහ තානායමක කළමනාකරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලීසිය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment