එම වාර්තාවේ පවතින අඩුපාඩු හා දුර්වලතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම කාර්යාංශය පෙන්වාදෙයි.
විශේෂයෙන් පවුල් පසුබිම් වාර්තා සකස් කිරීමේදී සහ ඒවා තහවුරු කිරීමේදී සිදු වන යම් යම් වංචනික ක්‍රියාවන් පිළිබඳව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමුව ඇත.
අයථා අන්දමින් පවුල් පසුබිම් වාර්තා සකස් කළ සංවර්ධන නිලධාරින් කිහිප දෙනෙකු පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්ය.
මේ හරහා වාර්තාවේ පවතින දුර්වලතාවයන් හඳුනාගෙන ඇති අතර ඒවා ලබන අප්‍රේල් මාසය වන විට නිවැරදි කර එම වාර්තා සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment