නිශාන්ත රණතුංගටත් ඇප ලැබෙයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නිශාන්ත රණතුංග මහතාට ඇප ලබාදී තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත්  මහතා විසින් එසේ ඇප නියම කර ඇති අතර ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මතය.

සී.එස්.එන් ආයතනය ආරම්භ කිරීමේදී සිදුවූවායැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනූව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි මෙම නඩුවේ සෙසු සැකකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය පසුගියදා ඇප නියම කරන ලදී.

ඔවුන්ට නියම කළ  ඇප කොන්දේසි නිශාන්ත රණතුංග මහතාට ද අද නියම කර තිබේ.

‍නිශාන්ත රණතුංග මහතාට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව අද (16) ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.පී.බී.එස්. මොරායස් මහතා පවසා තිබුණේ ඔහුට ඇප ලබාදීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සලකා බැලිය  හැකි බවයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment