ඇමති සොයුරාගේ හයිය පෙන්නා උසාවි බිමේදී මාධ්‍යවේදීන්ට තර්ජන


වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ සොහොයුරෙකු වන වරාය සභාපති ධම්මික රණතුංග මහතා අද(16)කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කර තිබේ.

වරාය සභාපතිවරයාගේ සොහොයුරෙකු වන සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට ගත් අතර එහිදී රු.ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ 10 බැගින්වන ශරීර ඇප දෙකක් මත නිශාන්ත රණතුංග මහතා මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.
මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තර්ජනය කොට ඔවුන්ගේ මුහුණු තමාගේ ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරගන්නා අයුරු දැකගත හැකිවිය.

ධම්මික රණතුංග අධිකරණයට එමින් සිටියදී එය වීඩියෝ කරමින් සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට ඔහු බැණ වැදුණු බවත්, එක් මාධ්‍යවේදියකුට අසභ්‍ය වචනයෙන් බැණ මරණ තර්ජනය කළ බවත් මාධ්‍යවේදීන් විසින් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක සඳහන්ය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment