වෛද්‍ය සංගමය වව්නියාවේ පා ගමන් යයි



රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  සාමාජිකයින් පිරිසක් වව්නියාව නගරයේ විරෝධතාවයක නිරත වී තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස සහ ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා වෙළඳ ගිවිසුම අහෝසි කරන ලෙසත් ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව අවධානමකට ලක් කර ඇති බව විරෝධතාවයේ නිරත වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

සීපා නමින් පසුගිය රජය ගෙන ආ ඉන්දු   - ලංකා වෙළඳ ගිවිසුම වත්මන් පාලකයින් වෙනත් නමකින් යළි ගෙන ඒමට කටයුතු කරමින් සිටින අතර එය අහෝසි කළ යුතු බව විරෝධතාකරුවන් පවසයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment