විහිළුවලින් රට රවටන්න බෑ - බද්ද කාගේදැයි ජනතාව දන්නවා


කුමන අභියෝග පැමිණියද 17 වන දින විපක්ෂයේ රැස්වීමට ජනයා සහභාගිවන බවත්,එය නතර කිරීමට හැකියාවක් නොමැති බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමා හොරෙන් ණය ගත් බවට එල්ලවන චෝදනා අවඥාවෙන් යුතුව බැහැර කළ රාජපක්ෂ මහතා ඒ ආකාරයෙන් හොරට ණය දෙන රටවල් තියෙනවාදැයි ප්‍රශ්න කළේය.

මෙවන් විහිළු වලින් රට රවටන්නට හැකියාවක් නොමැති බවත්,පාර්ලිමේන්තුවේ විපක්ෂය නියම විපක්ෂය ලෙස කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම ආණ්ඩුව පත්කිරීමට කටයුතු කළ පිරිස් බවත්,එමෙන්ම ඔවුන් එය තවදුරටත් ආරක්ෂා කරමින් සිටින බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇසීමේදී පිළිතුරු දෙන්නට ඉතා පහසු අන්දමේ ප්‍රශ්න පමණක් අසන බවත්,පහර දෙන්නට හැකි පරිදි ෆුල්ටොස් පන්දු යවන බවත් හෙතෙම කියා සිටියේ අද(16)කළුතර ප්‍රදේශයේ යතිවරයාණන් කෙනෙකුගේ ආදාහනපූජොත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට ඉල්ලුම් කිරීමේදී ඔවුන් දුන්නු කොන්දේසි පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉකුත් සතියේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණු බවත්,පසුව ඇමතිවරුන් ඊට එරෙහිවූ නිසා එම කොළ ටික සඟවා තබාගෙන සිකුරාදා දිනය වන විට බදුවැඩිකරමින් එය රාජපක්ෂ බද්ද නමින් නම් කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එහෙත් බද්ද කාගේදැයි ජනතාව හොඳින් දන්නා බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment