ජල සම්පාදනයටත් අභියෝගයක්



රට පුරා බොහෝ ප‍්‍රදේශවල වැසි නොමැති කාලගුණයක් පැවතියත්, කප්පාදුවකින් තොරව අඛණ්ඩව ජලය ලබාදීමට තවමත් හැකියාව තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ, එහි අතිරේක සාමාන්‍යාධිකාරී ජී.ඒ. කුමාරරත්න මහතා.

"අපි දැනට වතුර දෙනවා. නමුත් දැඩි නියඟයක් ඇවිල්ලා අපේ මූලාශ්‍ර හිඳී ගියොත් අපිට යම්කිසි ප්‍රමාණයක කප්පාදුවක් කරන්න වෙයි.දැනට ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා නැහැ".

වැසි නොමැති වීමටත් වඩා මේ වන විට ඇති ප‍්‍රබලම අභියෝගය ගලා යන ජලය අපිරිසිදු වීම බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"ගලා යන ජලය අපිරිසිදු වීම අපට තියෙන ලෙකු අභියෝගයක්. ඉතිං ඒ ජලය අපවිත්‍ර වෙන්න වෙන්න ඒවා පිරිසිදු කරන්න යන වියදම් සහ ක්‍රම වෙනස් කරන්න වෙනවා.අපට දැනට අවශ්‍ය වන්නෙ අමු ජලය පුළුවන් විදිහට, හොඳ විදියට ලබාගැනීම තමයි. එයින් අපිට ජලය පවිත්‍රකිරීම සඳහා යන වියදම්, කාලය  සහ අනෙකුත් දේවල් අපට ඉතුරුකරගන්න එක තමයි අපි මෙතනදි බලාපොරොත්තු වන්නේ".

ජලය සම්බන්ධයෙන් පර්යේෂණ හා අධ්‍යයන පිළිබඳ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සම්මන්ත‍්‍රණයකදී මෙම අදහස් පළ කෙරුණා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment