ඉන්දීය ගිලන් රථ සේවාවේ සේවක බඳවා ගැනීම් ගැන අනාවරණයක්


ඉන්දියානු රජයේ ආධාර මත ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත ගිලන් රථ සේවාව සඳහා මුල් අදියරේදී ඩොලර් මිලයන 07 යි දශම 05 ක් ශ‍්‍රී ලංකාවට ලබාදෙන බව ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි. කේ. සිිංහා මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙල වෙනුවෙන් හෙද පරිපූරක වෛද්‍ය හා රියදුරු සේවා සඳහා බඳවා ගැනීමට නියමිත හයසියයකට ආසන්න පිරිසක් ශී‍්‍ර ලංකාවෙන් ම පමණක් බඳවා ගන්නා බවයි.

 මෙම වැඩපිළිවෙල මෙහෙයවන ප‍්‍රධාන කාර්යාලය සම්පූර්ණයෙන්ම පරිගණක මගින් ක‍්‍රියාත්මක වන බැවින් ඒ සඳහා පමණක් ඉන්දීය ජාතිකයන්ගේ සේවය ලබාගන්නා බවද ඔහු කියා සිටියා. මෙහි පළමු අදියර බස්නාහිර හා දකුණු පළාත්වල ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද ඊයේ (19) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වයි.කේ. සිංහා මහතා සඳහන් කළා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment