අක්‍රීය කුඩා ජලවිදුලි බලාගාරවල බලපත්‍ර අහෝසි කිරීමේ සූදානමක්

වසරක 2 කට වැඩි කාලයක් පුරාවට අක්‍රීයව පවතින කුඩා ජලවිදුලි බලාගාරවල බලපත්‍ර වහාම අහෝසි කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. “රටම එළියයි – අඳුර දුරලයි” වැඩසටහනේ මහනුවර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඊයේ (04) මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කුඩා ජලවිදුලි බලාගාරවල බලපත‍්‍ර පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් සමහර බලපත‍්‍ර හිමියන් එම බලපත‍්‍ර අතින් අතට යවමින් අලෙවි කිරීමේ යටි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මින් සිදුවන්නේ විදුලිය නිපදවීම ප‍්‍රමාදවීමක් සිදු වන අතර මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර එම තත්ත්වය ඉවත් කිරීම සඳහා ඊයේ චක්‍රලේඛයක් නිකුත් කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එමගින් වසර 02 කට වඩා පැරණි, වැඩ ආරම්භ කර නැති කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති සඳහා නිකුත්කර ඇති බලපත‍්‍ර වහාම අහෝසි කිරීම සිදු වන බව ද සඳහන් කළේය.

අනතුරුව එම බලපත‍්‍රලාභීන්ට එසේ ව්‍යාපෘති මෙතෙක් ආරම්භ නොකිරීමට සාධාරණ හේතුන් ඇත්නම් අභියාචනය කිරීමට කාලසීමාවක් ලබා දීම සිදුවේ.

එසේ නැත්නම් විවෘත මිල ගණන් කැඳවීමෙන් එම බලපත‍්‍ර සාධාරණ ආකාරයෙන් අලුත් පිරිසකට කරගෙන යාමට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment