විදුලි අවුල විසඳන්න පිටරටින් කණ්ඩායමක්


ජා-ඇල කොටුගොඩ විදුලි උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක ඊයේ (18) සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා. මෙම විමර්ශන සහ අලූත්වැඩියාවන් සඳහා විදේශීය විශේෂඥයින් කණ්ඩායමක් ද ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ (18) සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සහ ජාතික විදුලි පද්ධතියට එයින් ඇති වූ බලපෑම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධයක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා.

"ඊයේ සවස 2.45ට පමණ යම් පිපිරීමක් සිදුවුණා කොටුගොඩ විදුලි උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක. ඒ අවස්ථාවේදී යම් ප්‍රදේශවලට විදුලිය විසන්දි වුණා. ඉන් අනතුරුව පද්ධතිය සමතුලිත කරගැනීමේ හැකියාව ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබුණා පූර්ණ බිඳ වැටීමකට ලක් නොවී".

තාවකාලිකව ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර ගැනුණු නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකය අවශ්‍යතාව පරිදි නැවත ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම ඒකකය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කෙරුණේ ද කොටුගොඩ විදුලි උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක ඊයේ සිදුවූ පිපිරීමෙන් පසුවයි.  

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ පොදු සේවක සංගමය පවසන්නේ සිදුවූ පිපිරීම් සහ බිඳවැටීම්වල වගකීම භාරගෙන පාලනාධිකාරියේ සියලූදෙනා සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි. 

ජ-ඇල කොටුගොඩ විදුලි උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක ඊයේ පිපිරීමක් සිදුවුණේ ඊට හමුදා ආරක්ෂාව ද සපයා තිබියදීයි
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment