රෝයල් කොල්ලො ගෑණු පාසල්වලට පැන්නෙ නැලූ.. කෙල්ලොම බලෙන් ගෙන්නගෙන

කොළඹ බිෂොප් විද්‍යාලයට සහ කාන්තා විද්‍යාලයට බලෙන් ඇතුළු වීමට තැත් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජකීය විද්‍යාලයේ සිසුන් තමන් විසින් සිය කැමැත්තෙන් ගෙන්වාගත් බවට එම විද්‍යාලවල විදුහල්පතිනියන් කොල්ලුපිටිය පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. 
මේ සිද්ධියට අදාළ නඩුව ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය විසින් වාර්තාව ඉදිරිපත් කර තිබුණා.

පසුගිය අටවැනි දින බිෂොප් විද්‍යාලයට හා කාන්තා විද්‍යාලයට බලෙන් ඇතුළු වීමට තැත් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් රාජකීය විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඊයේ නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා.
ඊයේ මේ සිසුන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් බිෂොප් විද්‍යාලයේ සහ කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනියන් විසින් පොලිසියට ප්‍රකාශ ලබාදෙමින් මේ සිසුන් තමන් සිය කැමැත්තෙන් තම විද්‍යාලවලට ගෙන්වා ගත් බවත් එම නිසා මේ සම්බන්ධයෙන් මින් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසම ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම මත මින් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවත් දන්වා සිටියා.

කෙසේ වෙතත් පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රාජකීය විද්‍යාල සිසුන් දාහතර දෙනා නිදහස් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment