කෙල්ලනේ රැවටෙන්න එපා… මම ෆේස්බුක් එකේ නෑ – කාවිංග


කාවිංග පෙරේරා කියන්නේ තරුණියන්ගේ ආකර්ෂණයට නතුවෙන රංගන ශිල්පියෙක්. මේ දවස්වල කාවිංග ගැන ටිකක් කතා බහ වෙනවා. ඒ ඔහුගේ නිර්මාණ ගැන නෙමෙයි. දකුණු අතේ රටා මැවිලා තියෙන ටැටු එක ගැන. කලාකරුවන් අතරේ කතාබහට ලක් වුණ මේ සිද්ධිය ගැන වගේම කලා තොරතුරු ගැන අපි විමසීමක් කළා. මේ ඒ ගැනයි.

ටැටු විලාසිතාව නිසා ඔබ නළු නිළියන් අතර මේ දවස්වල කතා බහට ලක් වෙලා කියලා ආරංච්යි..?
මේ ටැටු එක ගැහුවට පස්සේ නළු නිළියෝ හුඟ දෙනෙක් මාව විවේචනය කළා. fදාස් කිව්වා. හොඳ කිව්ව අයත් ඒ අතර හිට්යා. වැඩිපුරම හිටියේ බැණපු අය තමයි. මේ ලංකාවනේ. පිට රට නම් ඕන තරම් නළු නිළියෝ මේ විලාසිතාව පාවිච්චි කරනවා. මෙහේ තමයි නළුනිළියන්ට ටැටු තහනම් කියලා හිතන අය ඉන්නේ. කොහෙම වුණත්  මම ඒ විවේචන සතුටින් භාර ගත්තා.

ටැටු එකක් ගැහුවේ විශේෂ හේතුවකටද…?
නැහැ. කාවිංග පෙරේරා කියන්නේ විලාසිතාවන්ට කැමැති කෙනෙක්. මම ටැටුවලටත් හුඟක් කැමැතියි. ඒ නිසා දකුණු අතේ ටිකක් ලොකුවට ටැටු එකක් ගැහුවා. ටැටු එක ගහන්න නම්  විශේෂ හේතුවක් නැහැ. පේන තැනක තියෙන නිසා දකින අය බලනවා. එක එක කතා කියනවා. ඒක තමයි විශේෂත්වය.

ඔය ටැටු එක නිසා නිර්මාණ ප්‍රතික්ෂේප වුණේ නැද්ද…?
නිර්මාණයකට මාව දායක  කරගන්න කැමැති නිර්මාණකරුවන් මට ආරාධනා කළා. සමහර නිර්මාණවලදී ටැටු එක තියෙන විදිහට සම්බන්ධ වුණා. ටැටු එක තියෙන එක නිර්මාණයට බාධා වුණ අවස්ථාවලදී මේකප්වලින් ඒක වහලා රඟපැවා.

කාවිංග මේ දවස්වල ප්‍රේක්ෂකයින්ගෙනුත් හොඳට බැණුම් අහනවා නේද…?
හොඳට බැණුම් අහනවා. මේ දවස්වල උතුම් පැතුම් හා වස්සාන ප්‍රේමේ කියන ටෙලි නාට්‍ය දෙකේ මම රඟ පෑ චරිත නිසා. ඒ දෙකේම රඟපාන්නේ කළු චරිත. ඒ නිසයි බැණුම් අහන්නේ. ඒ චරිත දෙකට ආදරේ කරන පිරිසත් වැඩියි. සීනිබෝල චරිත රඟපාන්නේ නැතුව ඒ වගේ වෙනස් චරිත රඟපාන එක හොඳයි කියලත් කියන අය ඉන්නවා.

අලුත් නිර්මාණ ගැන කිව්වොත්…?
මේ දවස්වල සේයා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. එයත් විකාශය ආරම්භ වුණා. එහි රඟපාන්නේ නම් අහිංසක චරිතයක්.

ඔය රූපය සිනමාවට නොගැළපෙන නිසාද සිනමාවෙන් කාවිංගගේ නම ප්‍රතික්ෂේප වෙන්නේ….?
ඒක නම් දන්නේ නැහැ. මට තවම සිනමාවට ආරාධනා ලැබුණේ නැහැ. මම හිතන්නේ සිනමාකරුවන්ට තවම මගේ ජංගම දුරකථන අංකය ලැබිලා නැතුව ඇති. අපිට ජනප්‍රියත්වය හෝ වෙන ඕනෑම දෙයක් බලෙන් ලබා ගන්න බැහැ. ලබා ගත්තත් පැවැත්මක් නැහැ. ඒ නිසා ආරාධනාවක් ලැබුණ දවසකට ඒ ගැන හිතනවා.

කාවිංගගේ අප්පච්චී වගේම අම්මත් දැන් ජීවතුන් අතර නැහැ. පවුලේ වගකීම ඔබ සතු වුණා නේද…?
ඔව්. මගේ නංගී තමයි දැන් මගේ ජීවිතේ. අම්මගේ අඩුව ඇය මට පුරවනවා. අම්මාගෙන් පස්සේ අම්මා වෙලා. ඇයගේ විවාහය කරලා දෙනකල් මට වගකීම වැඩියි.

එතකොට කාවිංගගේ විවාහය සිදු වෙන්නේ කවදද….?
මම විවාහ වෙන කෙනාව තෝරලා දෙන්න කියලා මම කිව්වේ මගේ අම්මට. දැන් එයා ජීවතුන් අතර නැහැ. අම්මා නැති වෙන්න කලින් ඒ වගකීම ලොකු අම්මට පැවරුවා. ඒ අය දැන් මට ගැළපෙන කෙනෙක් තෝරලා දෙයි. ඊට පස්සේ ඉතිං විවාහය වෙයි. එතකල් තනිකඩයි.

ව්‍යාජ ෆේස් බුක් ගිණුම් නිසා කාවිංග මේ දවස්වල අපහසුතාවට පත්වෙලා කියලා ආරංචි වුණා…?
මගේ නමින් ෆේස්බුක් ගිණුම් හදාගෙන මට ආදරය කරන රසික රසිකාවියන්ව රවට්ටන අය ඉන්නවා. ඇත්තටම කිව්වොත් මට ෆේස්බුක් ගිණුමක් නැහැ. ඒ නිසා කාටවත් මම කියලා රැවටෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම කවුරු හරි මගේ වට්ස්අප් ඇප් එකත් හැක්කරලා.


(සරසවිය පුවත්පත ඇසුරෙනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment